X-Press Pearl: ව්‍යවසනයෙන් ඔබ්බට




•The MV X-Press Pearl disaster is an unprecedented maritime disaster that happened in Sri Lankan coastal waters.


•When we assess the damage or repercussions of this disaster to the marine environment we need to approach it in a holistic manner.


•The reason for this is due to the complicated nature of the composition of the hazardous materials that were in the ship at the time of the disaster.


•Sri Lanka needs to come up with a scientific and smart approach when quantifying and estimating the consequences that can occur short-term and long-term to the marine environment.


•The possibility of ocean acidification and acid rains that can occur due to the disaster is totally non and it is a piece of false information.


•We have to be cautious and observant of possible oil spills at the moment and be ready to act swiftly if such a secondary disaster occurs.


•Plastic pellet removal from beaches is an efficient way to reduce marine plastic pollution.


•Post-mortems have to be conducted for any marine carcasses that beached after the disaster to determine whether these deaths are connected to the X-Press Pearl disaster.


•Long-term research has to be carried out to determine the long-term effects of this disaster that will include the contributions of expertise from marine biologists, oceanographers, economists, and etc. 


•Socioeconomic assessments have to be conducted to determine the repercussions in terms of the fisheries industry as well as the tourism industry.


  • MV X-Press Pearl නෞකාව හා සම්බන්ධ සිදුවීම ශ්‍රී ලංකාවේ සාගර සීමාවේ පෙර සිදු නොවූ ආකාරයේ සිදුවීමකි. 
  • ඒ මඟින් සිදු වූ බලපෑම, හානිය සහ ප්‍රතිවිපාකයන් තක්සේරු කිරීමේ දී, අප එහි සිදුවීම්; සමස්තයක් ලෙස සළකා පුළුල් දෘෂ්ඨි කෝණයකින් බලා කටයුතු කළ යුතු ය.
  • ඊට හේතු වන්නේ, මෙම ආපදාව සිදුවන අවස්ථාවේ දී නෞකාව තුළ තිබු අන්තරාදායක, හානිකර ද්‍රව්‍යයන්ගේ සං‍යුතියේ ඇති සංකීර්ණ බව යි. 
  • සමුද්‍ර පරිසරය වෙත කෙටි කාලීනව හා දිගු කාලීනව මෙම සිදුවීම මඟින් එල්ල වන බලපෑම් ප්‍රමාණාත්මකව තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් විද්‍යාත්මක මෙන්ම බුද්ධිමත් ක්‍රමවේදයක් ඉදිරිමත් කළ යුතුය. 
  • සාගරය ආම්ලීකරණය විම හෝ ඇසිඩ් වර්ෂාවන් නිර්මාණය වීම් මෙම ආපදාව හා සම්බන්ධ වේ යැ'යි ඵල වන මතයන් හුදෙක් සාවද්‍ය තොරතුරු ය. 
  • මේ අවස්ථාවේ අප වඩාත් අවධානය දක්විය යුතු කරුණ වන්නේ; තෙල් කාන්දුවක් වැනි ද්විතීය ආපදාවක් පැන නැගිය හැකිද යන්න සහ එවන් අවස්ථාවක දී ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබඳව ය. 
  • සාගරය වෙත ප්ලාස්ටික් මඟින් සිදුවන හානිය අවම කිරීමට කුඩා ප්ලාස්ටික් කොටස් ඉවත් කිරීමට දියත් වන ක්‍රියාමර්ගයන් සාගර ප්ලාස්ටික් දූෂණයට එරෙහිව; කාර්‍යක්ෂම බව කිව යුතුය. 
  • මෙම MV X-Press Pearl නෞකාව හා බැඳි ආපදාව මඟින් සමුද්‍ර ජීවී මරණ සිදු වී ඇතිදැ'යි නිශ්චිතවම දැක්වීමට නම්; මෙම සිදුවීමෙන් පසු වෙරළ කලාපයට ලඟා වූ සියළුම සාගර ජීවීන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කළ යුතු වන්නේ ය. 
  • මෙම සිදුවීම මඟින් ඇති කරන ලද දිගු කාලීන බලපෑම තක්සේරු කිරීම, නිර්ණය කිරීම සඳහා  දිගු කාලීන පර්‍යේෂණයන්; විද්‍යාඥයින්, සමුද්‍ර-ජීව විද්‍යාඥයින්, ආර්ථික විද්‍යාඥයින් ආදී විද්වත් විශේෂඥයින්ගේ දායක්ත්වය සහිතව දියත් විය යුතු ය. 
  • ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වෙත මෙම සිදු වීම මඟින් එල්ල වී ඇති බලපෑම නිර්ණය කිර්‍රිම සඳහා සමාජ-ආර්ථිකමය  වශයෙන් එම ක්ශේත්‍රයන් පිළිබඳව සළකා බැලීමක් සිදු විය යුතුය.

නිශ්චිත සිල්වා විසින්.  ( සිංහල පරිවර්තනය : ඇනීරාස්‌ සමහොන් )

Comments

Popular posts from this blog

Food Safety

සාගරය ගැන අපි දැනුවත් ද? ~ Are We Aware Enough of the Ocean?