ආයුබෝවන් ෴வணக்கம் ෴Hello

LankaSpace කියන්නේ මොකක්ද?

LankaSpace කියන්නේ Twitter එකේ සිද්ද වෙන live audio discussion එකක්. හරියට podcast එකක් වගේ. මේ blog එකෙන් අපි අපේ spaces වල කතා කරන මාතෘකා සාරාංශ කරලා ලියනවා. ඒකාට හේතුව තමයි අපි එක space එකක් පැය තුනක් විතර කරනවා. ඉතින් පැය තුනක් එකදිගට අහගෙන ඉන්න බැරි අයට පුළුවන් අපේ blog එකට ඇවිල්ල space එකේ සාරාංශය කියවන්න.

ඒ වගේම තමයි අපි අපේ space එකේ audio recording එකකුත් ඒ post එකත් එක්ක දානව. හැබැයි අපි දාන්නේ අපේ කණ්ඩායම අහන ප්‍රශ්න විතරයි (ප්‍රේක්ෂකයෝ අහන ප්‍රශ්න දාන්නේ නෑ). තමන් කැමතිනම් විතරක් අපිට කලින් කිව්වොත්, ඒ ප්‍රශ්නත් අපි දානවා. මේකට ප්‍රධාන හේතුව තමයි ප්‍රශ්න අහන අයගේ පුද්ගලිකත්වයට ගරු කිරීම.

විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේක කිසිම ආයතනයකට සම්බන්ද ව්‍යාපෘතියක් නෙමෙයි. 100% volunteersල කරන වැඩක්. ඒ කියන්නේ LankaSpace එක අපි හැමෝ එකතුවෙලා අපි වෙනුවෙන්ම හදාගත්ත platform එකක්. ඕගොල්ලොත් කැමතිනම් අපේ කණ්ඩායමට එකතුවෙන්න අපිට කියන්න.

මේ spaces කරන එකේ අරමුණ මොකක්ද?

Twitter Space ආපු කාලේ අපි දැක්ක ගොඩක් අය මේක පවිච්චි කලේ විනෝදය සඳහා පමණයි. හැබැයි අපිට පෙනුණු මේක ඊට වැඩි වටිනාකමක් තියනවා කියන එක. ඉතින් අපි කල්පනා කළා මේකෙන් intelectual discussion එකක් පටන් ගන්න. ඉතින් අපි කලින් කරගෙන ආපු නම (#SpaceWithThilina) කියන එක වෙනස් කරලා, පොදු නමක් විදියට #LankaSpace කියන නමට මාරු වෙලා, වැඩේ පිළිවෙලකට කරන්න පටන්ගත්තා.

දෙවෙනියට අපි කරපු දේ තමයි ඒ ඒ මාතෘකාව ගැන ගැන කතා කරන්න ඒ විෂයේ ප්‍රවිනයෙක්ව සම්බන්ද කරගත්තු එක. මේක අපේ space එකේ හැරවුම් ලක්ෂය කියල අපි හිතනවා.

අලුතෙන් එන්න තියෙන්නේ මොනවද?

අපේ LankaSpace එක සාමාන්‍යයෙන් කරන්නේ සිංහලෙන්. අපි දැනට plan කරලා තියනවා දෙමල හෝ ඉංග්‍රීසි භාෂා වලින් ප්‍රශ්න අහල ඒවා realtime translate කරන වැඩත් කරන්න. අපි දැනටමත් එක space එකක මේක අත්හදා බලල තියනවා.

කවදද, කීයටද මේක යන්නේ?

හැම සතියෙම සිකුරාදා සහ සෙනසුරාදා රෑ 8:00 සිට 11:00 දක්වා.  විශේෂ වැඩසටහන් සතිය මැදත් යනවා. ඒවා අපි දවසකට කලින් කියනවා. 





 

Comments

Popular posts from this blog

Food Safety

සාගරය ගැන අපි දැනුවත් ද? ~ Are We Aware Enough of the Ocean?