Food Safety



Every year 600 million people are falling ill due to food safety-related issues and 420,000 out of them die. 40% of these deaths are children below 5 years old. This shows the importance of adopting safe food handling practices across the food supply chain from farm to fork. 

 

Oats consumption is good for your health

 

Increase in consumption of oats is one of the good trends which we have adopted during last few years. Oats is a food rich in dietary fiber and have a lot of health benefits when consumed in sufficient amounts regularly. Oats naturally contain beta-glucan. When it’s consumed beta-glucan forms a viscous gel in the intestine it traps cholesterol-related substances and prevents them from being absorbed into the blood. This reduces the bad cholesterol content in the blood. Oats has a glycemic index rating as a medium which also indicates that it controls the rate of glucose absorption to blood. Instant oats may not give same benefits as it has a high glycemic index.

 

Regular sausage consumption can have negative health effects

 

During the processing of sausage, manufacturers add sodium nitrate and nitrite to maintain the red colour of meat. Researches have shown evidences that sodium nitrate/nitrite can have a carcinogenic effect. So the scientists have identified a safe limit  for these additives and manufacturers usually add sodium nitrate as per those guidelines. Food safety standards like ISO 22000 and FSSC 22000 require the manufacturers to establish strict control procedures to control adding of these additives. Therefore check if the manufacturer has these food safety systems in place when buying sausage. Also, it will be wise to maintain gaps between the consumption of sausage.

 

Butter vs Margarine

 

Butter is made out of animal fat which is rich in saturated fats. Saturated fats are not considered healthy fats as they increase the risk of heart-related diseases. Margarin is made out of plant oils that are rich in unsaturated fats. Unsaturated fats are healthy fats that can improve your health. But during margarin production, these unsaturated fats undergo a process called hydrogenation which results trans fats. Trans fats are increasing the bad cholesterol(LDL) in the body while reducing the good cholesterols (HDL). So it can have an adverse health effect on our heart. Some margarine producers use a method called interesterification which does not allow to the production of trans fats. Those type of margarins is always safe to eat. Always check the label to see whether your margarine is produced by hydrogenation or interesterification.

 

MSG is not bad

 

MSG (Monosodium glutamate) is a flavor enhancer, not a food flavoring additive. It does not add umami flavor to food but it supports your tongue to feel the naturally existing umami taste. MSG is categorized as GRAS (Generally Recognized As Safe) additive by JECFA (Combination of WHO and FAO). Glutamic acid is an amino acid and used as the primary building block in protein synthesis in our body. This is also naturally contained in many of the foods we consume daily, like tomato, potato, seafood, anchovies, soy sauce, mushroom, cheese, grape juice, peas, corn, etc. MSG is widely considered as safe by the scientific community and the myths relating to carcinogenic effect of MSG or effect on bones are not scientifically derived claims. Recommended daily intake of MSG for a healthy human is 3g per day.


සෑම වසරකම ලෝක ජනගහනයෙන් මිලියන 600ක් පමණ පිරිසක් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ වූ ගැටළු මඟින් රෝගාබාධයන්ට ගොදුරු වන අතර ඒ අතරින් 420,000 ක පමණ පිරිසක් මිය යයි. මෙම මරණයන්ගෙන් 40% ක් ම අවුරුදු 5 ට අඩු දරුවන් ය. ඒ මඟින් වඩාත් ඉස්මතු වන අවශ්‍යතාවය වන්නේ ගොවිපළේ සිට ආහාර පිඟාන දක්වා වන ආහාර සැපයුම් ජාලයේ ආරක්ෂිත ආහාර හැසිරවීමේ ක්‍රියා පිළිවෙතක ඇති වැදගත්කමයි. 


ඕට්ස් පරිභෝජනය කිරීම ඔබේ සෞඛ්‍යයට හිතකර ආහාර පුරුද්දකී.


මෑත වසර කීපය තුළ දක්නට ලැබුනු යහපත් ආහාර ප්‍රවණතාවයක් ලෙස සමාජයේ පිරිස් ඕට්ස් පරිභෝජනයට පෙලැඹීම සහ එහි වර්ධනය දැක්විය හැකිය. ආහාරමය තන්තු වලින් පිරිපුන් ආහාරයක් වන ඕට්ස් දිනපතා නිසි ප්‍රමාණවත්ව ආහරයට ගැනීම මඟින් සෞඛ්‍යමය වශයෙන් වාසි රැසක් අත්කර ගත හැකිය. ස්වාභාවිකව ඕට්ස් වල beta-glucan සං‍යුතිය සමන්විත වන අතර එය කොලොස්ටරෝල් කාරක ද්‍රව්‍ය රුධිරය වෙත අවශෝෂණය වීම වළක්වාලන්නේ ඕට්ස් වල අඩංගු beta-glucan මඟින් උදරයේ දුස්ස්‍රාවී ජෙල් මාධ්‍යයක් නිර්මාණය කර ඒ මඟින් පෙර දක්වන ලද කොලොස්ටරෝල් කාරකයන් අඩපණ කිරීම මඟිනි. ඒ මඟින් පැහැදිළිව ම රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් පාලනයට මෙන්ම අඩු කිරීමට සහය ලැබෙයි. තව ද, රුධිරයේ අඩංගු ග්ලූකෝස් පාලනය කිරීමට ඉවහල් වන මාධ්‍යයක් ලෙස ඕට්ස් හී glycemic දර්ශකය ශ්‍රේණිගතව ඇත. නමුත්, ක්ෂණික ඕට්ස් මඟින් පෙර දක්වන ලද ග්ලූකෝස් මඟින් ලැබෙන ප්‍රතිලාභයන් ලැබිය නොහැකි වනු ඇත්තේ එහි ඇති glycemic දර්ශකය ඉහළ බැවිනි.


දිනපතා සොසේජස් පරිභෝජනය සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය. 


සොසේජස් සකසන ක්‍රියාවලියේදී නිෂ්පාදකයින් ඒ වෙනුවෙන් යොදා ගන්නා මස් වල රතු පැහැය සොසේජස් මත රඳවා ගැනීම සඳහා සෝඩියම් නයිට්රේට් සහ නයිට්රයිට් එක් කරයි(sodium nitrate and nitrite).  සෝඩියම් නයිට්රේට් සහ නයිට්රයිට් මඟින් පිළිකා කාරක බලපෑමක් එල්ල විය හැකි බවට ඒ අනුව පර්‍යේෂකයන් විසින් පෙන්වා දී ඇත. තව ද එම නිසා, විද්‍යාඥයින් විසින් මෙම එක් කිරීම සඳහා ආරක්ෂිත සීමාවක් හෙවත් භාවිතයේ දී සීමාවක් දක්වන අතර සාමාන්‍යයෙන් නිශ්පාදකයන් විසින් එම සීමාවන්ට අනුගතව සෝඩියම් නයිට්රේට් සොසේජස් නිශ්පාදනයේ දී එක් කරයි.මෙම එක් කිරීම පාලනය කිරීම සඳහා ISO 22000 සහ FSSC 22000 වැනි ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදකයින් විසින් දැඩි පාලන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි. එමනිසා, ඔබ සොසේජස් මිළ දී ගැනීමේ දී; නිශ්පාදකයන් වෙත පෙර දක්වන ලද ආහාර සුරක්ෂිතතාවයන් හා සබැඳි ප්‍රමිතීන් ඇති'දැයි සැළකිලිමත් වන්න. තව ද, නුවණට හුරු කාරණයක් නම්, සොසේජස් පරිභෝජනයේ දී ඊට පරතරයක් තබා ගැනීමයි. එනම් දිනපතා භාවිතයෙන් බැහැර වීමයි.


බටර් සහ මාගරීන්.


සංතෘප්ත මේදයන්ගෙන් සමන්විත වන සත්ත්ව මේද භාවිතා කර බටර් නිශ්පාදනය කරයි. එම සංතෘප්ත මේද සෞඛ්‍යාරක්ෂිත හෝ සෞඛ්‍යසම්පන්න මේද සේ නොසළකන්නේ ඒවා හෘද ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන බැවිනි. 

මාගරින් නිපදවන්නේ අසංතෘප්ත මේද වලින් පොහොසත් ශාක තෙල් වලිනි. එවන් අසංතෘප්ත මේද ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි සෞඛ්‍ය සම්පන්න මේද ලෙස දැක්විය හැකි නමුත් මෙම මාගරීන් නිශ්පාදන ක්‍රියාවලිය තුළ මෙම අසංතෘප්ත මේද හයිඩ්‍රජන්කරණය (hydrogenation) නම් ක්‍රියාවලියකට ලක් කරන අතර ඉන් මේදය වෙනස්කම් වලට භාජනය වේ. එසේ නිර්මාණය වන සෞඛ්‍ය සම්පන්න නොවන මේදය පරිභෝජනය මඟින් ඉන් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් අඩු කරන අතර, ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් වර්ධනය කරයි. එබැවින් ඒවා භාවිතය අපගේ හෘදයට අහිතකර සෞඛ්‍ය බලපෑමක් ඇති කළ හැකිය. සමහර මාගරින් නිෂ්පාදනකරුවන් අහිතකර මේද නිපදවීමට ඉඩ නොදෙන interesterification නමින් ක්‍රමයක් භාවිතා කරයි.  ඒ ආකාරයෙන් නිශ්පාදිත මාගරීන් භාවිතය හිතකර වෙයි. එමනිසා මාගරීන් මිල දී ගැනීමේදී ඒවා නිපදවන ක්‍රමවේදය සොයා බැලීම සඳහා ලේබලය  පරීක්ෂා කිරීමට නිරන්තරයෙන් වග බලා ගන්න. 


MSG හිතන තරමට අහිතකර නැත.


MS(මොනොසෝඩියම් ග්ලූටමේට්/Monosodium glutamate) යනු රසය වර්ධකයක් මිස ආහාර රසකාරකයක් නොවේ. එය ආහාරයට  රසයක් එක් නොකරන නමුත් ස්වාභාවිකව පවතින රසය දැනීමට එය ඔබේ දිවට සහාය වන්නකි.  WHO සහ FAO එක් ව JECFA මඟින් MSG; GRAS යන කෙටි නාමය යටතේ වර්ගීකරණය කොට ඇති අතර ඉන් අදහස්  වන්නේ සාමාන්‍යයෙන් ආරක්ෂිත යැයි පිළිගැනෙන බව ය. 

Glutamic අම්ලය ඇමයිනෝ අම්ලයකි. එය අපගේ ශරීරයේ ප්‍රෝටීන් සැකිල්ලෙහි ප්‍රධාන වර්ධකයක් ලෙස ක්‍රියා කරයි. ආප දිනපතා ආහාරයන්ට එක් කර ගන්නා තක්කාලි, අර්තාපල්, මුහුදු ආහාර, සෝයා සෝස්, බිම්මල්, චීස්, මිදි යුෂ, මුංඇට, ඉරිඟු වැනි බොහෝ ආහාරවල මෙය ස්වාභාවිකව ම අන්තර්ගත වේ. 

විද්‍යාත්මක ප්‍රජාව විසින් MSG ආරක්ෂිත යැයි පුළුල් ලෙස පිළිගනු ලබන අතර MSG හි පිළිකා කාරක බලපෑම හෝ ඉන් අස්ථි වලට ඇති බලපෑම පිළිබඳ මිථ්‍යාවන් විද්‍යාත්මකව තහවුරු කරගන්නා ලද කරුණු නොවේ. නිරෝගී මිනිසෙකු සඳහා  දිනකට නිර්දේශිත MSG ප්‍රමාණය 3g කි.


Comments

  1. Casino Bonus Codes - December 2021
    No deposit bonus casino promotions. We recommend 2021 casino bonus ventureberg.com/ codes and https://deccasino.com/review/merit-casino/ promos for 바카라 사이트 new players. We also poormansguidetocasinogambling list new casino bonuses https://octcasino.com/ for December 2021.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සාගරය ගැන අපි දැනුවත් ද? ~ Are We Aware Enough of the Ocean?