සාගරය ගැන අපි දැනුවත් ද? ~ Are We Aware Enough of the Ocean?


80% of the world natural ocean resources are untouchable. That’s the new trend which the whole world is seeking for while we all Sri Lankans are lucky enough to live in an island surrounded by the beautiful indian ocen. We all should be encouraged in seeking for the ocean diversity. 

The Exclusive Economic Zone (EEZ) comprises an area which extends either from the coast, or in federal systems from the seaward boundaries of the Sri Lanka (constituent state) to 200 nautical miles (370 kilometres) off the coast. 
We have two main monsoon seasons, 

South west monsoon- May to October which brings water from Arabian Sea to Bay of Bengal Inter monsoon – October to November 

North East monsoon – December to April which brings water from Bay of Bengal to Arabian Sea 

Inter monsoon – April to May, that’s what happens in the Sea around us.

Sea grasses are found in shallow, salty and brackish waters in many parts of the world, from the tropics to the Arctic Circle. They are often confused with seaweeds and algae, but are actually more closely related to the flowering plants that you see on land. Sea grasses have roots, stems and leaves, and produce flowers and seeds. Ecosystems services from the sea grass are invaluable.
For an island which is surrounded by a beautiful ocean rich with marine diversity, we Sri Lankans have little to zero knowledge regarding marine life. Hence I would like to reiterate the importance of encouraging the society to learn more about ocean life and how to protect it

by Chanaka Premarathne
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
80%ක් වන ලෝකයේ ඇති ස්වභාවික සාගර සම්පත් ඇත්තේ මිනිසාට ලඟා විය නොහැකි වන සීමාවකය. සමස්ත ලෝකයා ඒ වෙත අවධානය යොමු කරන නවතම ප්‍රවනණතාවයක් පවතිද්දී; ශ්‍රී ලාංකිකයන් වන අප වඩාත් වාසනාවන්ත බව ප්‍රකට වන කරුණක් වන්නේ අතිශය සුන්දර වූ සම්පත් වලින් සපිරි ඉන්දියන් සාගරයෙන් වට වූ දූපතක ජීවත් වන්නට ලැබීම ය.  සාගරයේ විවිධවත්වය ගවේෂණයෙහිලා අප යොමු විය යුතු වන්නේද ඒ හේතුවෙනි.
  
රටකට අනන්‍ය වූ 'සුවිශේෂී ආර්ථික කලාපය' ලෙස හඳුන්වන මුහුදු කලාපය ලෙස හඳුන්වන්නේ වෙරළේ සිට හෝ ෆෙඩරල් ක්‍රමයට නම් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ සිට වෙරළට ඔබ්බෙන් සැතපුම් 200ක් (කිලෝ මීටර් 370) තෙක් මුහුදු කලාපය ය. 

අපට ප්‍රධාන මෝසම් සෘතු දෙකක් පවතී. අප වටා වතින මුහුදේ සිදුවන වෙනස් වීම් අනුව;

නිරිතදිග මෝසම් - අරාබි මුහුදේ සිට බෙංගාල බොක්ක වෙතට ජල ප්‍රවාහ රැගෙන එන, මැයි සිට ඔක්තෝබර් මාසය දක්වා පවතින්නකි.

අන්තර් මෝසම්- ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පවතී.

ඊසාන දිග මෝසම්- දෙසම්බර් සිට අප්‍රේල් මාස දක්වා පවතින අතර බෙංගාල බොක්කේ සිට අරාබි මුහුද තෙක් ජල ප්‍ර්වාහ ගෙන යයි.

අන්තර් මෝසම්- අප්‍රේල් සිට මැයි දක්වා පවතී.

නිවර්තන කලාපයේ සිට ආක්ටික් වෘත්තය දක්වා වන, ලුණු සාන්ද්‍රිත, නොගැඹුරු වූ ලෝකයේ බොහෝ මුහුදු කලාපයන් වල මුහුදු-තෘණ දැකගත හැකිය. ඒවා නිරන්තරයෙන් ඇල්ගී හෝ මුහුදු-පැළෑටි යන කාණ්ඩයකට එක් වන බව යමෙකු සිතුවද; ගොඩබිමේ අප දකිනා සපුෂ්ප ශාක කාණ්ඩයන්ට මුහුදු-තෘණ වඩාත් සමීප බවක්  දක්වයි. මුහුදු-තෘණ; මූල පද්ධතියක්, කඳක් සහ පත්‍රයන්ගෙන් සමන්විත වන අතර බීජ මෙන්ම පුෂ්පයන් ජනිත කරයි. මුහුදු-තෘණ මඟින් පරිසර පද්ධතිය වෙත සිදුකරන මෙහෙය අතිමහත්‍ ය.

අතිශය සුන්දර මෙන්ම පොහොසත් ජීව පද්ධතියක් සපිරි සාගරයකින් වට වූ දූපතක වෙසෙන්නන් ලෙස අප ශ්‍රී ලාංකිකයන් වෙත ඇත්තේ සාගරය පිළිබඳව අල්ප වූ දැනුමකි. එමනිසාවෙන් සාගර ජීව පද්ධතිය සහ එහි වෙසෙන ජීවීන් රැක ගැනීමට අවැසි සමාජ දැනුවත්භාවය ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමට කැමැත්තෙමි.

චානක ප්‍රේමරත්න විසින් / පරිවර්තනය : ඇනීරාස්‌ (Translated by Aneeraz)

Comments

Popular posts from this blog

Food Safety